ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකරන්න යයි

(කොළඹ, ලංකාපුවත්) –ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිසුන්ට නවීන තාක්ෂණික පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම මෙහි අරමුණ වී තිබේ. සිසුන් වැඩි පාසල්වල අනධ්‍යන කටයුතු සිදුකිරිම සඳහා රෙජිස්ටාර්වරයෙක් පත්කිරිමට ද සැලසුම් කර ඇත. ඒ සඳහා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම කරුණු ප‍්‍රකාශ කළේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ජල ගැලීම් වලින් හානියට පත් පාසල් වලට තාක්ෂණික උපකරණ ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්ය.

විදුහල්පතිවරුන් පනස් නවදහසක් බඳවාගෙන විදුහල්පති දීමනාව 750 සිට 6500 දක්වා වැඩි කරමින් රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් සිටින අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *