තාවකාලික ඇණහිටීම ගැන ෆේස්බුක් සමාගම කනගාටුව පළකරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ සිදුවූ බරපතලම ඇණහිටීම සම්බන්ධයෙන් තම සමාගම කනගාටුව පළකරන බව ෆේස්බුක් සමාගම පවසුවේය.

ගෝලීය වශයෙන් භාවිතා කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස් බුක් මාධ්‍ය පසුගිය 13වනදා තාවකාලිව බිඳ වැටුණි.

මීට පෙර 2008 වර්ෂයේදී මෙවැනි බිඳ වැටීමක් සිදු වී ඇති අතර එහිදී මිලියන 150ක් පමණ පරිශීලකයන් අපහසුතාවයට පත් වී ඇත.

අද වන විට බිලියන 2.3 ක පමණ පරිශීලකයින් පිරිසක් ෆේස්බුක් භාවිත කරන අතර ඒ අතරින් අමෙරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල පරිශීලකයින් විශාල ප්‍රමාණයක් මෙම බිඳවැටීමෙන් අපහසුතාවයට පත්වී ඇත.

ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය මෙන්ම වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා ද තාවකාලිකව බිඳ වැටී ඇති අතර අත්හිටුවීමේ හේතුව තවමත් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *