‘The Breeze’ සුඛෝපභෝගී නේවාසික නිවාස සංකිර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) – අනාගත නේවාසිකයින්ට පහසුව සහ සුඛෝපභෝගීබව එකවර ලබාදෙමින් සන්සිටි ඩෙවෙලොපර්ස් ‘‘The Breeze’ නමින් නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් කටුබැද්දේ දියත් කරයි.

මහල් හතරකින් යුත් තට්ටු නිවාස සංකීර්ණය කාමර තුනේ නිවාස 24 කින් සමන්විත අතර අභ්‍යන්තර ව්‍යායාම් ශාලාවකින් (ජිම්) සහ පිහිනුම් තටාකයකින් ද යුක්තය.ඉතාමත් සුව පහසු ජීවන රටාවකට පහසුකම් සලසමින් මෙම නිවාස සංකීර්ණය, ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ආසන්නයේ පිහිටා ඇති අතර කොළඹ නගරයේ සිට විනාඩි 30 ක කාලයකින් ළගා වියහැකි ය. නිවාස කිහිපයක් මුහුදු වෙරළේ සුන්දරත්වය නැරඹිය හැකි ආකාරයෙන් පිහිටා ඇති අතර අනෙකුත් නිවාස බයිසිකල් සහ ඇවිදිමේ මාර්ගය දිස්වෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

“අපගේඅතිසුන්දර තත්ත්වයෙන්උසස් තට්ටු නිවාස සංකීර්ණයන් සුඛෝපභෝගී සුව පහසු ජීවන රටාවක් පවත්වා ගෙන යාමේ අවස්ථාව අපගේ ගනුදෙනුකරුවන්ට පිරිනමයි. අපගේ සියළුම දේපල සංවර්ධන ව්‍යාපෘතිවල මූලික ලක්ෂණය මෙයයි.එබැවින් TheBreeze නිවාස සංකීර්ණය ද එම සංකල්පය අනුව නිර්මාණය කර ඇත. නිර්මාණයේ සිට සුව පහසුව පිරිනැමීම දක්වා සියල්ලම තත්ත්වයෙන් උසස් ව්‍යාපෘතියක් ඉදිකිරීමේ අපගේ මූලික අරමුණ සාක්ෂාත්කර ගත හැකි පරිදි TheBreeze නිවාස සංකීර්ණය සැලසුම්කර ඇතැයි සන්සිටි ඩෙවෙලොපර්ස්හී සභාපති පින්සිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.

සෑම කාමර තුනක තට්ටු නිවසක්ම යාබද නානකාමරයකින් යුත් (උණු වතුර පහසුකම සහිත)වායුසමීකරණය කරන ලද ප්‍රධාන නිදන කාමරයකින්, ආනයනය කරන ලද පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය සහ කෑම කාමරය, ඉඩපහසුකම් ඇති සාලය සහ සේවකයින් සදහා වෙනම නවාතැන් පහසුකම් යනාදියෙන් සමන්විත ය. වර්ග අඩි 1283 සිට 1400 දක්වා වූ ප්‍රමාණයන්ගෙන් තට්ටු නිවාස තිබෙන අතර පිහිනුම් තටාකය, ව්‍යායාම ශාලාව, උඩුමහල් උයන සහ පොදු ස්ථානවලට විදුලිය සැපයීම සදහා වූ ජෙනරේටරය යනාදි පොදු පහසුකම්වලින් සමන්විත ය.

දේපල සංවර්ධනයේලා මනා පළපුරුද්දකින්යුත් සන්සිටි ඩෙවෙලොපර්ස් කොළඹ සහ අවට සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී තට්ටුනිවාස සංකීර්ණ කිහිපයක්ම ඉදිකර ඇත. රොස්මිඩ් ටවර්ස්, හෝටර්න් ටවර්ස්, හෝටර්න් රිජෙන්සි, ඵක‍ කැතී ටවර්ස්, සන්සිටි ටවර්ස් කොළඹ – 3 මෙල්බර්න් ටවර්ස්, සන්සිටි ටවර්ස් බත්තරමුල්ල, සන්සිටික්ලැසික් ටවර්ස් පානදුර, සන්සිටි ටවර්ස් මොරටුව සන්සිටි ඩෙවෙලොපර්ස් විසින් ඉදිකරන ලද තට්ටුනිවාස සංකීර්ණ වලින් කිහිපයකි.

2018 වසරේ මුල සන්සිටි ඩෙවෙලොපර්ස් එහි 13 වෙනිනේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වූසන්සිටි ටවර්ස් මොරටුවහී ඉදිකිරීම් කටයුතු නිමා කළ අතර මෙය ‘බිම්සවිය‘ ජාතික ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ලියාපදිංචි කළ ප්‍රථම තට්ටුනිවාස සංකීර්ණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *