අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඕස්ට්‍රේලියාවෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Jon Philip මහතා අතර හමුවක් පසුගියදා(15) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව එහිදී අදහස් හුවමාරු විය.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී මහ කොමසාරිස්වරයා සදහන් කළේය.

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය පුහුණුවීම් නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම වැනි කටයුතු සදහා ඕස්ට්‍රේලියානු රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.

ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =