මියා කලීෆා යළි පෙම්වතියක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක් වන මියා කලීෆා තම පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූයේ 2016 වසරේදීයි. ඒ වසර 5ක් තම විවාහ දිවිය ගත කිරීමෙන් අනතුරුවයි. පාසල් කාලයේදී ඇතිවූ පෙම් සබඳතාවක් දුරදිග යාමෙන් ඇගේ පළමු විවාහය සිදුවන්නේ 2011 වසරේදීයි. 2016 වසරේ ඇය ඔහුගෙන් නීතියෙන් වෙන්වීමෙන් අනතුරුව ඇය නැවත විවාහයක් ගැන සිතා තිබුනේ නැහැ. එහෙත් පසුගියදා ඇය නැවත පෙම්වතියක් බවට පත්වූයේ අහඹු ලෙස ඇයවද පුදුමයට පත් කරමින්.

ඇගේ මිතුරකු වූ ස්වීඩන් ජාතික සූපවේදියෙකු වූ රොබට් සෑන්ඩ්බර්ග් සමග ඇය දිනක් රාත්‍රී භෝජනයකට සහභාගී වූවා. ඒ අතරතුර ඔහු ඇය වෙනුවෙන් ඇනවුම් කළේ නවතම වට්ටෝරුවක කෑම පිඟානක්. කෑම අතරතුර ඇයවද පුදුමයට පත් කරමින් එම බඳුනේ තිබී මතුවූයේ රන් මුද්දක්. එකෙනෙහිම ඔහු ඇය වෙත එය ඉදිරිපත් කරමින් තම මංගල යෝජනාව පිළිගන්නවාදැයි අසා තිබුනා. ඔහුව විශ්මයට පත් කරමින් මියා ඔහුගේ මංගල යෝජනාව පිළිගෙන තිබුනා.

“ඇත්තෙන්ම මම හිතුවේ නෑ ඇය මගේ විවාහ යෝජනාව පිළිගනීවි කියා. එහෙත් ඇය මාව පුදුමයට පත් කරමින් මාගේ යෝජනාව පිළිගත්තා. ඇත්තෙන්ම ඇය ගොඩක් හොඳ කෙනෙක්, ගොඩක් ආදරණිය කෙනෙක්“ යැයි රොබර් තම ට්වීටර් ගිණුමෙහි සටහනක් තබා තිබුනා.

මීයා කලීෆා උපත ලබන්නේ 1993 වසරේ ලෙබනනයේදීයි. 2000 වසරේ ඇය ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමෙන් පසුව වැඩි දුර අධ්‍යාපනය සඳහා යොමු වනවා. එහිදී ඇය ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා ගන්නේ ඇමරිකා ටෙක්සාස් එල් පාසෝ විශ්ව විද්‍යාලයෙන්. 2014 වසරේදී නිල් චිත්‍රපට නිළියක් ලෙස එක්වන මියාට අවශ්‍ය වන්නේ නිල් චිත්‍රපට නිළියන් අතර පළමු තැන ගැනීමටයි. ඒ අනුව ඇය ඒ වන විට ප්‍රමුඛ ස්ථානයේ සිටි නිල් චිත්‍රපට නිළි ලීසා ඈන්ව දෙවන තැනට දමමින් පළමු තැනට පැමිණෙනවා.

මේ වන විට ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන පහකට ආසන්නයි. ඇය ඇගේ වම් අතේ ඇය පච්චයක් කොට තිබෙනු ඔබ දැක තිබෙනවා නම් එහි දැක්වෙන්නේ ඇගේ මවුබිම වූ ලෙබනන් රාජ්‍යෙය් ජාතික ගීයේ පළමු පේළියයි. “ මා දැන් ඇමරිකානුවෙක් වුවත් මා තවමත් ලෙබනනයට ආදරෙයි, මාගේ හුස්ම පවතින්නේ එතැනයි“ යැයි මියා වෙබ් අඩවියකට පවසා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − two =