“රට වෙනුවෙන් එකට සිටිමු” අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – “රට වෙනුවෙන් එකට සිටිමු” දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන අද (18) ආරම්භ වේ.

ඒ, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ක් ආවරණය වන පරිදියෙ.

විවිධ අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන මහජන සේවා හා ජාතික සංවර්ධන වැඩසටහන් එකම දිනක දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වේ.

මෙම වැඩසටහන යටතේ ජනතාවගේ ප්‍රශ්න සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන ලබන 23 වැනිදා දක්වා ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *