නවසීලන්තයේ ගිනිඅවි පාලනයකට නීති ගෙන ඒමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්තයේ ගිනිඅවි පාලන නීති වෙනස් කිරීමට කැබිනට් හමුවක් අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉකුත් සිකුරාදා එල්ල කෙරුණු ප්‍රහාරයෙන් අනතුරුවය.

ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා සතුව ගිනි අවි 5ක් ළඟ තබාගැනීමට බලපත්‍ර හිමිව තිබිණ. එම නිසා අගමැති ජෙසින්ඩා ආඩෙන් මහත්මිය පවසන්නේ, නවසීලන්තයේ ගිනිඅවි පාලන නීති වහාම වෙනස් කළ යුතු බව යි.

ඉකුත් සිකුරාදා නවසීලන්තයේ ගිනි අවි ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් 50 දෙනෙකු මියගොස් තවත් 50ක් තුවාල ලැබීය. එරට සාමාන්‍ය ජනාතාව සතුව ගිනි අවි ලක්ෂ12ක් පමණ ඇතැයි ගණන් බලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *