නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංහය සදහන් කරයි.

අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇත.

අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර පද්ධතිය සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කිරීම සිදුවන බවය.

ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.

ඉකුත් 01 වැනිදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත‍්‍රයේ ද දෝෂයක් ඇති වී තිබුණි.

මේ හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිද වැටුණද පසුව එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *