නෙදර්ලන්තයේ වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නෙදර්ලන්තයේ යූට්ට්‍රෙච් නගරයේ ට්‍රෑම් රථයක සිටි මගීන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝක්මෙන් ටනිස් නම් මෙම වෙඩි ප්‍රහාරයේ සැකකරු 37 හැවිරිදි තුර්කි ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනකට එහා පිහිටා ඇති ගොඩනැගිල්ලක සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ. කෙසේ වෙතත් ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව මෙතෙක් හෙළිව නොමැත. වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඊයේ සිදුකළ ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලැබීය.

මෙම සිද්ධිය නවසීලන්තයේ සිදු වූ වෙඩි තැබීමට සමාන ලෙස අනුගමනය කිරීමක් ලෙස පොලිසිය සැක පළ කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =