නොරොච්චෝලේ යථා තත්ත්වයට – පරීක්ෂණ තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –නොරච්චෝලේ ලක් විජය ගල් අඟුරු විදුලිබලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කළද තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි බිද වැටීම් සිදුවිය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (18) පෙරවරුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය විය.

එහිදී පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇතැම් ප්‍රදේශවලට විටින් විට විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *