ඇමති මංගල – රොනී හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – රොනී ද මෙල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉටුකළ සේවය නතර කළ තැනින් ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා ඊයේ(20) පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම හමුව රොනී ද මෙල් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී සිදුකෙරුණි.

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එච් ජී සිරිසේන මහතා ද මෙම හමුවට එක්ව සිටියේය. 1977 විවෘත ආර්ථිකය මෙරටට හදුන්වා දුන්නේ රොනී ද මෙල් මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =