ඉතාලියේ ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.

කෙසේ වෙතත් එරට පොලීසියේ මැදිහත්වීමෙන් අනතුරුව බස් රථයේ පිටුපස වීදුරුව බිද ළමයින් බේරාගෙන ඇති බව වාර්තා වේ.

දරුවන් 51 දෙනාට හානි සිදුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇතැම් ළමුන් ආසනවලට බැඳ තබා තිබේ.

ගිනි තැබීම හේතුවෙන් ඇති වූ ශ්වසන ආබාධ නිසා පාසල් සිසුන් 14 දෙනෙකු පමණ රෝහල් ගත කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.

සෙනගාල් රාජ්‍යයේ සිට සංක්‍රමණය වූ රියදුරු 47 හැවිරිදි ඉතාලි පුරවැසියෙකි.

මෙම රියදුරු අත්අඩංගුවට ගැනීමට ඉතාලිය ආරක්ෂක අංශ සමත්ව තිබේ. ඉතාලියේ සංක්‍රමණ නීතිවලට විරෝධය පළ කිරීම සදහා මෙම ගිනි තැබීම සිදුකළ බව ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *