ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ ඔලිම්පික් කමිටු ප්‍රධානි සුනෙකසු ටකීඩා සිය ධුරයෙන් ඉවත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

ඒ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ජපානයට ලබාගැනීම සඳහා ඔහු විසින් යුරෝ මිලියන 2 ක අල්ලසක් ලබාදී ඇති බවට ප්‍රංශයේ නීතිඥයන් පිරිසක් චෝදනා කිරීම සම්බන්ධයෙනි.

කෙසේ නමුත් ටකීඩා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි. සේම ඔහුගේ නිල කාලය ලබන ජුනි මාසයේ දී අවසන් වේ.

2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ටෝකියෝ නගරයට හිමිවූයේ මැඩ්රිඩ් සහ ඉස්තාන්බූල් නගර පරාජයට පත්කරමින්ය.

මේ අතර ජපාන රජය අවධාරණය කරන්නේ අදාළ ලංසු තැබීම පූර්ණ විනිවිදභාවයකින් යුක්ත වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *