පළාත් කිහිපයකට අදත් වැසි

(කොළඹ, ලංකාපුවත්) –සබරගමුව මධ්‍යම, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන අද (21) සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප්‍රභලඅකුණු තත්ත්වයන්ද ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *