වී මෙට්‍රික් ටොන් 22,000ක් මිලදී ගනියි

(කොළඹ, ලංකාපුවත්) –වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 22,000ක් මිලදී ගනු ලැබ ඇති බව කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා කියයි.

මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ වී මෙට්රි ක් ටොන් 5200ක් ද, අනුරාධපුර වී මෙට්‍රික් ටොන් 2500ක්, කිලිනොච්චිය 2300ක්, මුලතිව් 2700ක්,වව්නියාව මෙ.ටො.2000ක් මඩකලපුව 1700ක් ,හම්බන්තොට වී මෙ.ටො.2370ක් බැගින් වී අලෙවි මණ්ඩලය මිලට ගෙන තිබෙන බවද ඇමැතිවරයා පවසයි. වී අලෙවි මණ්ඩලය මිලට ගෙන ඇති වැඩිම ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 393ක් අම්පාර පොතුවිල්වලින් වාර්තා වන බවද ඇමැතිවරයා කියයි.

දෙවන ප්‍රමාණය අනුරාධපුර රඹෑව ගබඩාවෙන් මෙට්‍රික් ටොන් 437ක්ෙලස වාර්තාවී ඇත…සම්බා කිලෝවක් සඳහා රුපියල් 41 බැගින් හා නාඩු වී කිලෝවක් රු.38ක්.මේ මිලට වී මිලදී ගන්නට රජය කටයුතු යොදා ඇති බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *