වාහනයක් ගිනිගෙන පුද්ගලයක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මොණරාගල පොලිස් වසමේ හොරොම්බුව සුදුවතුර ආර මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක දී කැබ්රථයක් ගිනි ගෙන එහි ගමන් කළ පුද්ගලයෙක් පිළිස්සී මියගොස් ඇත.

අද (22) අළුයම මෙය සිදුව තිබේ. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් වු නව ඩිපෝව පාර, හුලංදාව, මොනරාගල ප්‍රදේශයේ පදිංචි වනසිංහ ගුරුගේ චන්දන පුෂ්පකුමාර නැමැත්තෙකු බව පොලීසිය පවසයි.

බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුර දිගයාමෙන් මොහු නිවසින් පිටව ගොස් ඇත්තේ, ගිනිගෙන ඇති කැබ් රථයෙන් බවට අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මේ වනවිට කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත. රත්ගම පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + eight =