තායිලන්ත මහමැතිවරණයෙන් ‘‘ප‍්‍රචාන්ග් රාත්’’ පක්ෂයට ජයග‍්‍රහණයක්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්ත මහමැතිවරණයෙන් එරට හමුදා හිතවාදී ‘‘ප‍්‍රචාන්ග් රාත්’’ පක්ෂය ජය ලබා තිබේ.

මේ වනවිට නිකුත් කර ඇති ඡන්ද ප‍්‍රතිපලවලට අනුව ‘‘ප‍්‍රචාන්ග් රාත්’’ පක්ෂය ඡන්ද මිලියන 7.6ක් හිමිකර ගෙන සිටි. ප‍්‍රතිවිරුද්ධ ‘‘පියු තායි’’ පක්ෂයට වඩා ‘‘ප‍්‍රචාන්ග් රාත්’’ පක්ෂය ඡන්ද ලක්ෂ 05කින් පමණ ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

හිටපු ජනාධිපති තක්ෂින් ෂිනවත‍්‍රාගේ නායකත්වයෙන් යුත් ‘‘පියු තායි’’ පක්ෂය 2011 වසරේ සිට අඛණ්ඩව මැතිවරණ ජයග‍්‍රහණ හිමි කර ගනු ලැබීය. එරට හමුදාව කුමන්ත‍්‍රණයකින් තායිලන්තයේ බලය අත්පත් කර ගත්තේ 2014 වසරේදී ය.

ඊයේ පැවැති තායිලන්ත මහමැතිවරණයේ අවසන් ප‍්‍රතිපල අද (25) පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *