අමෙරිකා ජනපතිවරණයට රුසියාව මැදිහත්වී නැතැයි සනාථ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2016 අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු මැදිහත්වීමක් සිදු නොවූ බවට සනාථ වී තිබේ.

ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පත් කළ විශේෂ නියෝජිතයාගේ වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට විශේෂ නියෝජිතයෙක් ලෙස රොබට් මුලර් පත් කරනු ලැබීය.

ඔහු සිය වාර්තාව කොංග්‍රස් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කෙරිණ. එයින් ප්‍රකාශ කෙරුණේ ජනාධිපතිවරණයේ දී කිසිඳු රුසියානු මැදිහත්වීමක් සිදු නොවූ බවයි.

ජනාධිපතිවරණයේ දී රුසියානු මැදිහත්වීමක් සිදුවූ බවට බොහෝ පාර්ශව චෝදනා එල්ල කළේය. ඒ හේතුවෙන් ඇතැම් නිලධාරීන්ට තම ධුරය ද අහිමි විය.

මේ පිළිබඳ අදහස් දක්වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, මෙවැනි පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවීම සම්බන්ධයෙන් රටක් වශයෙන් ලැජ්ජාවට පත්විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *