හෙට මිනිස් සිරුරට දැනෙන උණුසුමක්

(කොළඹ, ලංකාපුවත්) – වයඹ පළාතේත් මන්නාරම, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් බොහෝ ස්ථානවල හෙට(26) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය‘ යොමු කළ යුතු මට්ටමක පවතින බවට අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උණුසුම් දර්ශකයේ මේ බව පෙන්නුම් කර ඇත.

ඒ අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර අගයක් ගනු ලැබේ.

එබැවින් වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණයත් ලෙස ජලය පානය කිරීමත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමත් සිදු කළ යුතු වේ.

කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන්නැයි ද උපදෙස් ලබා දෙයි.

අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ‍ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *