ඉරානයට බලපෑ ගංවතුර හේතුවෙන් 19ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉරානයේ ෂිරාස් නගරයට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

තුවාල ලැබූ සිය දෙනෙකුට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. පසුගිය දිනවල බලපෑ නිවර්තන වැසි හේතුවෙන් මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.

ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර එම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + seven =