උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පසුගියදා දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එහිදී කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා කිරි එක් රැස් කිරීම වර්ධනය කරන ලෙසත්, දෛනික නිෂ්පාදිත අයිස්ක්‍රිම් හා යෝගට් ප්‍රමාණය විසිදහසකින් ඉහළ දමන ලෙසද මෙහිදී ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

විදේශීය කිරිපිටි ගැටලුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් දැන් වෙ‍ළෙඳපොලේ හිඟයක් පවතින බව පෙන්වා දෙනඇමැතිවරයා අවධාරණය කරන්නේ දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමිය යුතු බවයි. . පවතින වියලි කාලගුණය සමඟ ,දෛනික කිරි සැපයුමලීටර් ලක්ෂය දක්වා අඩුවි ඇති බවද, අඹේවෙල කිරි කර්මාන්තශාලාව සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 04ක අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කිරි එක් රැස් කිරීමේ නිලධාරීන් සඳහා මෙම මාස කිහිපය තුළදී ඉලක්කයක් ලබා දී ඇති බවත්, එය සැපිරීමට කටයුතු නොකරන නිලධාරීන්ට අවශ්‍ය නීතීමය පියවර ගන්නා බවත්ඇමැති පී.හැරිසන් මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − six =