ලොව වැඩිම ඉල්ලුමක් ඇති මත්ස්‍යයින්, මුහුදේ සහ ගොඩබිම වගා කිරීම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති මත්ස්‍යයින් මුහුදේ සහ ගොඩබිම වගා කර ලෝක ධිවර ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

මෙය ධිවර ක්‍ෂේත්‍රයේ අනාගත අභියෝගය බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

සාර්ක් කලාපිය ජලජිවි සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව කියා සිටියේය.

කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (26) දින ආරම්භ වූ මෙම කලාපීය ජලජිවි සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.

සාර්ක් කලාපිය රටවල ජලජිවි වගාව පිළිබද විශේෂඥන් එක්ව සිටින මෙම සමුළුවේ සමාරම්භක උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කලේ ධිවර කර්මාන්තයේ අනාගතය සහ විදේශ විනිමය ඉලක්ක කර ගනිමින් ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත මත්ස්‍ය වගාව සදහා ලංකික ධිවර ව්‍යවසායකයින්ට අවස්ථාව උදාකරදීමට ජාතික ජලජ්වී වගා සංවර්ධන අධිකාරිය හරහා හැකියාව ලැබී ඇති බවයි.

ඒ අනුව මුහුදේ මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මේ වන විටත් කටයුතු කරගෙන යන බවත් එහි සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත් සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මුහුදු මත්ස්‍යයින් ගොඩබිම වගාව සදහා ද ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් කටයුතු කරගෙන යන බව පැවසිය.

මෙම මුහුදේ සහ ගොඩබිම මත්ස්‍ය වගාව සදහා දැනටමත් ආයෝජකයින් ඉදිරිපත්ව සිටින බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ජලජිවි වගා ක්‍ෂේත්‍රයේ ආයෝජනය සදහා විදේශ ආයෝජකයින්ට ආරාධනය කරන බවත් මෙම මත්ස්‍ය වගාවේදී කලාපිය රටවල සහාය , දැනුම මෙන්ම ආශිර්වාදය අත්‍යවශ්‍ය බවද සදහන් කළේය .

මෙම සමුළුවට කලාපිය රටවල ජලජිවි වගා ක්‍ෂේත්‍රයේ විශේෂඥ සහ කෘෂිකර්ම,වාරි මාර්ග ,ග්‍රාමීය ආර්ථික , පසු සම්පත් සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර මහතා , අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරුන් ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් , ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානින් , ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − eleven =