ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තා ගැන ෆොන්සේකා කියයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිසකයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ පැවති ඊයේ(26) උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා කිසිවිටකත් එකඟ නොවන බව ඔහු එහිදී පැවසීය.

ජාතික ආණ්ඩුවක් සෑදිය හැකි වුවත් පෙර පරිදි එකතු වීමේ බලාපොරොත්තුවක් නොමැති බව ද කියා සිටි මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති දීගය අතහැර දැන් දික්කසාද වී ඇති බව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *