ලොව සතුටින් ම සිටින රට තමන්ගේ සතුටට හේතුව හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතින්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය (Sustainable Development Solutions Network) හී නවතම වාර්තාව අනුව 2019 වසරේ ලෝකයේ සතුටින් ම සිටින ර⁣ට ලෙස දෙවන වරටත් ෆින්ලන්තය පසුගියදා තේරී පත්විය.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කරන ලබනු නිරීක්ෂණයන් අනුව මෙම වාර්තාව නිර්මාණය කරනු ලබන අතර ඔවුන් ඒ සඳහා විශේෂ නිර්නායකයන් ද භාවිත කරනු ලබයි. රටවල් 156ක් පුරාවට කරන ලද නිරික්ෂණයන් අනුව මෙම නිර්නායක ඔස්සේ ඔවුන් ගණන කිරීම් කරනු ලබන බව සඳහන් වේ.

ෆින්ලන්තය 2018 වසරේ ද ලෝකයේ සතුටින් සිටින රට ලෙස තේරී පත් වී තිබුණි.

ෆින්ලන්තය තමන්ගේ සතුට රැඳී තිබීමට හේතුව ලෙස පවසා තිබුණේ ඔවුන්ගේ රටේ පවතින අලංකාර වු පරිසරයයි. එම පරිසරය රටේ ජනතාවට හොඳ මානසික සහනයක් බව ද ෆින්ලන්තයේ සංචාරක මණ්ඩලය පවසා ඇත. එමෙන් ම ලෝකයේ පිරිසුදු ම රටවල් අතර ද ෆින්ලන්තය ඉහළින් ම ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *