සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් දහසක පමණ පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඊයේ දිනයේ දී අදාල ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව ගොඩනැඟිල්ල තුළ සිටි පුද්ගලයින් වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පල කරයි.

ගින්න හේතුවෙන් කිසිඳු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =