කාන්තාවන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් රජයයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන් බලගැන්වීමට වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

‘ධනාභිමානී‘ කාන්තා සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

ධනාභිමානී කාන්තා සමුළුව අරලියගහ මන්දිරයේදී ඊයේ(26) පැවැත්වුණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවයි එය සංවිධාන කර තිබුණි. අමාත්‍ය දයා ගමගේ , රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මව්ලානා, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *