කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියද වෙනස් නොවන රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් ඉදිරියේදී හඳුන්වා දෙන බව කෘෂිකර්ම ඇමැති පී.හැරිසන් මහතා කියයි.

ශ්‍රි ලංකාවේ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම ගොවින් ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත්ව කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවත්ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන බෝග වර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් මෙම වගා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ළූණු වගාවේ අර්තාපල් වගාවේ අස්වැන්න ලැබෙන කාල වකවානු වන විට විදේශ රටවලින් ගෙන්වීම පාලනය කිරීම මෙහි තවත් අරමුණක් බව අමාත්‍ය පී. හැරිසන් මහතා මෙහිදී කීය.

මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීම සඳහා විද්වතුන් දේශපාලන අධිකාරිය ව්‍යාපාරිකයින් විශ්වවිද්‍යාල සිසුන් ගොවි ජනතාව ගොවි සංවිධාන ආදී සෑම පාර්ශවයකින්ම අදහස් ලබාගෙන විද්වත් මණ්ඩලයක් හරහා ඉතා ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තිය රටට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *