කොළඹට පැය 24ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – විදුලි කප්පාදුව හේතුවෙන් සහ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (30) පෙරවරු 9.00 සිට පසුදා පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදය කරයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නනේ කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා සහ කොටිකාවත් මුල්ලෙරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයන් තුළය.

මීට අමතරව රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස වල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන ලබන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =