ඩුබායිවලින් පිටුවහල්කළ තවත් තිදෙනෙක් CID බාරයට

(කොළඹ, ලංකාපුවත්) –මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවේ සිට පිටුවහල් කෙරුණු තවත් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අද(28) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් මොවුන් දිවයිනට පැමිණ ඇති බවයි.

ඒ අනුව මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − one =