මධූෂ් – අමල් ඇතුළු පිරිස ඩුබායිවලින් පිටුවහල් කිරීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් සහ අමල් පෙරේරා ඇතුළු 11 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර, කටුනායකදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් ඇතුළු ‍සිව් දෙනා අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු රැසක් ලැබී ඇතැයි පොලිසිය පවසයි. ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ.

ඩුබායිහිදී මෙම පිරිස අත්අඩංගුවට පත්වුණේ, මාකඳුරේ මධූෂ් සමඟ උපන්දින සාදයකට සහභාගි වී සිටියදීය.

ඩුබායි දේශයෙන් පිටුවහල් කරන ලද, මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා, අමිල සම්පත් සේපාල රත්නායක, ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩර්ස් යන පිරිස ඊයේ(28) උදේ අත්අඩංගුවට ගනු ලැබීය.

කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ් මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී. කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 15 =