2022 වන විට කොළඹට අඛණ්ඩව ජල සැපයුම ලබාදීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ජල නල එළීම ආරම්භ කිරීමෙන් පසු කොළඔ නගරයේ ජල කාන්ඳු වීම නිසා සිදුවන ජලය අපතේ යාම සියයට 49 – 41 දක්වා අඩු වී තිබෙන බව ජල සම්පාදන මණ්ඩලය කියයි.

මෙම ජල කාන්දුවීම හේතුවෙන් කොළඔ නගරයේ ජනතාවගේ සියයට 30කට පමණ ජලය ලැබෙන්නේ දිනකට පැය 4ක හෝ 5ක් පමණි. නමුත් මෙම ව්‍යාපෘතිය 2022 වසර අවසන් වීමෙන් පසු ජල කාන්දුව සිදුනොවන බැවින් මුළු කොළඔ නගරයටම පැය 24 පුරා අඛණ්ඩව ජලය සැපයීමට හැකි වන බව එම ව්‍යාපෘතියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නැගෙනහිර) ඉන්ජිනේරු එස්.අබ්දුල් රෂිඩ් මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ රුපියල් බිලියන 45ක වියදමෙන් අරඹා ඇති මෙම ජල සැපයුම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් 4ක් මඟින් සිදු කෙරේ.

මෙහි පළමු අදියර මේ වසරේ දෙසැම්බර් මාසයේදී සහ දෙවන අදියර 2020දීත්, තුන්වන අදියර 2021දීත් නිම කිරීමට බලාපොරොත්තු වන අතර 2022දී මුළු ව්‍යාපෘතියම නිම කළ හැකි වනු ඇතැයි කොළඹ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපාති කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී රෂිඩ් මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය මඟින් කොළඔ නගරයේ කිලෝමිටර් 700ක දුර ප්‍රමාණයක ජල නල එළීමට නියමිතව ඇත‍. දැනටමත් එයින් කිලෝමිටර් 330ක ප්‍රමාණයක ජල නල එළා අවසන් බවද පැවසූ ඒ මහතා මේ නිසා ජල කාන්දුව අවම කර ගන හැකි විමෙන් දිනකට ජලය ඝන මිටර් 85000 ක් ඉදිරි කර ගැනීමට හැකි වී ඇති බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයා තවදුරටත් කීය.

මේ අතර කොළඹට සැපයෙන ජල ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඝන මිටර් 36000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකියක්ද ඝන මීටර් 50000කින් යුත් තවත් ජල ටැංකියක් අඹතලේ ප්‍රදේශයේද අලුතින් ඉදිකිරීම‍ට යන බවද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − seventeen =