එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩිම ණය ලබාගැනීම සොදුරු පියසෙන්

(කොළඹ, ලංකාපුවත්) – එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 79ක ණය නිකුත් කර අවසන් බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

වැඩිම ණය මුදලක් ලබාදී ඇත්තේ සොදුරු පියස නිවාස යෝජනා ක‍්‍රමය යටතේ ය. ගොවි ජනතාව වෙනුවෙන් ආරම්භ කළ රන් අස්වැන්න සහ ගොවි නවෝදා ණය යෝජනා ක‍්‍රමවලට ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. නිවාස සිහිනය සැබෑකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක කළ ජය ඉසුර යෝජනා ක‍්‍රමය යටතේ ද විශාල පිරිසකට පහසුකම් හිමිව ඇති බවත් මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන ආරම්භ වුයේ පසුගිය වසරේ ජුනි මස 21 වනදා ය. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප‍්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා කවුළු විවෘත කර ඇත. මේ වසරේදී නව ණය යෝජනා ක‍්‍රම රැසක් හදුන්වාදීමටත් රජය පියවර ගත්තේය.

ජංගම වැඩසටහන් ද දිවයින පුරා ක‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යංශය පවසයි. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරිම වැඩසටහනේ අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *