කුවේට්හි රැඳී සිටි ශ්‍රමිකයින් 56ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 56 පිරිසක් අද(01) යළි දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද උදෑසන 6.15ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් මෙසෙ ඔවුන් පැමිණියේය.

මෙම පිරිස අතරට පිරිමි ශ්‍රමිකයින් 9 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයින් 47 දෙනෙකු අයත් වේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත.

මෙම පිරිස අතුරින් ශ්‍රමිකයින් 42 දෙනෙකු තම ඥාතීන් සමග නිවෙස් බලා පිටත්ව ගිය අතර, තවත් ශ්‍රමිකයින් 15 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදෙන ලදී. මෙම පිරිස අතුරින් කාන්තාවන් 02 අසනීප තත්ත්වයේ පසුවෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *