ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 10වනදා

(කොළඹ, ලංකාපුවත්) –උසස් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කිරිමට මාධ්‍යවේදින් ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශිලී දායකත්වය ඇගයිමේ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2019 අප්‍රේල් මස 10වනදා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්‍ත්‍රණ ශාලාවේ දි පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පවැත්වෙනු ඇත.

මෙම සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී අද(01) පැවැත්වුණි.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වෙන්නේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

2017 වසරේ පුවත්පත් ,ගුවන්විදුලි,රූපවාහින හා වෙබ් යන ක්ෂේත්‍ර සඳහා දායකත්වය හා ප්‍රතිභාව දැක්වු මාධ්‍යවේදින් සඳහා සම්මාන 47ක් පිරිනැමෙන අතර යාව ජිව සම්මාන 04ක් ද පිරිනැමේ.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවිර මහතා ප්‍රකාශ කර සිටියේ, සියලුම මාධ්‍ය ආයතන මේ සඳහා විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඒමෙන් සම්මානලාභීන් තෝරාගනු ලැබුවේ විද්වත් කමිටුවක් මඟින් බවත් මෙහි කිසිදු සම්මානලාභියෙකුට කිසිදු පෞද්ගලික හා දැනහැඳුනුම්කම් මත සම්මාන ලබා නොඳුන් බවත් පැවසීය.

මීට අමතරව Academic journal (අධ්‍යායන සංග්‍රහය) මිට සමගාමිව එළි දැක්විමට නියමිතය.

මෙමගින් ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ අත්දැකිම් හුවමාරු කරගත හැකි වන බවත් මේ සියලු දේ සිදු කරන්නේ යහපත් මාධ්‍ය වෘත්තියකයින් පිරිසක් රට තුළ ගොඩ නැඟිමට බවත් ලේකම්වරයා කීය. 2018 ජුලි මස 13 වන දින මේ සඳහා පුවත්පත් දැන්විමකින් අයදුම්පත් කැඳ වු අතර අගෝස් 31 වන විට අයඳුම්පත් භාර ගැනිම අවසන් කරනු ලැබීය. සම්මාන සඳහ අයඳුම්පත් 1674කි ලැබි තිබිණි.

මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය පැක්ට්‍රික් රත්නායක මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 4 =