ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 07වැනිදා මොරටුවේදි

(කොළඹ, ලංකාපුවත්) –මයි ඩැඩ්, මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත සෙබස්තියන්, මහින්ද, ශාන්තපීතර, මොරටුව වේල්ස් කුමර, ශාන්ත ජෝෂප්, ශාන්ත තෝමස්, ශාන්ත අන්තෝනි, රාජකීය, ආනන්ද, රිච්මන්ඩ්, නාලන්ද සහ ඒකාබද්ධ කණ්ඩාම සමත් විය.

ඒ ඊයේ (31) අවසන් වූ ලීග් වටයේ තරගවලින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙමිනි.

ඩෑඩ් ක්‍රිකට් තරගාවලියේදී පිරිනැමෙන කුසලාන තුනක් වේ. එනම් Super dads, Champion, Challenger යනුවෙනි.

ඒ අනුව සුපර් ඩෑඩ්ස් කුසලානය සඳහා පළමු අවසන් පූර්ව තරයේදී හමු වන්නේ එකාබද්ධ සහ ශාන්ත සෙබස්තියන් පිළ වේ. දෙවැනි අවසන් පූර්ව තරගයේදී මහින්ද – ශාන්ත පීටර් කණ්ඩායම් හමුවේ.

චැම්පියන්ස් කුසලාන සඳහා වූ පළමු අවසන් පූර්ව තරගයේදී වේල්ස් කුමර සහ ශාන්ත ජෝෂප් කණ්ඩායම් හමු වේ. දෙවැනි අවසන් පූර්ව තරගයේදී හමු ව න්නේ ශාන්ත තෝමස් කණ්ඩායම සහ ශාන්ත අන්තෝනි කණ්ඩායම්ය.

චැලෙන්ජර්ස් කුසලානය සඳහා පළමු අවසන් පූර්ව තරගයේදී රාජකීය කණ්ඩායම සමඟ ආනන්ද කණ්ඩායම තරග වැදීමට නියමිත අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී රිච්මන්ඩ් කණ්ඩායමට නාලන්දා කණ්ඩායම හමුවේ. මෙම සියලු තරග ලබන 6 වැනිදා එන්. සී. සී සහ බී. ආර්. සී පිටියේදී පැවැත්වීමට කයටතු යොදා ඇත.

අවසන් තරග පැවැත්වෙන්නේ ලබන 07වැනිදා ඉරිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග සියල්ල නොමිලේ නැරඹීමේ අවස්ථාව උදා කිරීමටද සංවිධායක ආයතනය තීරණ කර තිබේ. මෙම තරගාවලියට අනූහයේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා සහ අනූහයේ මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයෝ රැසක්ද එක් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =