(කොළඹ, ලංකාපුවත්) – දේශීය කිරි පිටි කර්මාන්තයේ කිසිදු බිඳවැටීමක් සිදුව නැතැයි කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන,වරිමාර්ග සහ ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.
” කිරිගොවීන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ.කිරිපිටි ගැන සම්පූර්ණ පරීක්ෂණ කරන්න පරීක්ෂණාගාරවලට යවා තිබෙනවා. එහි වාර්තා ලැබුණු පසු පාර්ලිමේන්තුවට දැන්වීමට කටයුතු කරනවා.දේශීය කිරිපිටි නිෂ්පාදනයේ සිටින්නේ කීපදෙනෙකු පමණයි.දේශීය කිරිපිටි නිෂ්පාදන්යේ කඩාවැටීමක් නෑ. දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වී තිබෙනවා, කඩා වැටීමක් නෑ “යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.