රාහුල් ගාන්ධි දකුණු ඉන්දියාව ඇල්ලීමට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂක ලෙස රාහුල් ගාන්ධි උතුරු ඉන්දියාවේ අමිති ආසනයට සහ කේරලයේ වයනද් ආසනයට තරඟ කිරීමට නියමිතය.

රාහුල් ගාන්ධි චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ජනප්‍රියතාව වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

ඉන්දීය මහමැතිවරණය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත අතර මැයි මස 19 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ 23 වනදායි.

කේරලයේ වයනද් නමැති මැතිවරණ කොට්ඨාසයට ඉදිරිපත් වීම හරහා දකුණු ඉන්දීය ජනතාවට සමීප වීමට ගාන්ධි උත්සහ කරනු ඇති බව එරට දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි

කොංග්‍රස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන සෝනියා ගාන්ධි 1999 උතුරු ඉන්දියාවේ අමිති අසුනට අමතරව කර්ණාටක ප්‍රාන්තයේ බෙල්ලාරි ආසනයට තරඟ කළේය. එහිදී වත්මන් විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සෝනියා ගාන්ධිට පරාජය විය.

ගාන්ධි පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ද උතුරු ඉන්දියාවේ රෙබෙරලි ආසනයට අමතරව තෙලංගනාවේ මේඩක් ආසනයට තරඟ කළේය. ඒ 1980 දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =