ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අද

(කොළඹ, ලංකාපුවත්) –දිවංගත එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සහ හිටපු විපක්ෂනායක ගාමිණී දිසානායක මහතාගේ බිරිය වූ අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මැතිනියගේ අවසන් කටයුතු අද (01) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

අවමංගල පෙරහර දේහය තැන්පත් කර ඇති කොළඹ විජේරාම මාවතේ අංක 6/1 දරන නිවසේ සිට සවස 2.00ට පිටත්වීමට නියමිතය.

පසුගිය සිකුරාදා (29) ඒ මහත්මිය මියයන විට 77 වන වියේ පසු වූවාය.

1994 ජනාධිපතිවරණ සමයේදී ගාමිණී දිසානායක මහතා ඝාතනයට ලක් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාව ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද ශ්‍රීමා දිසානායක මහත්මියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + seventeen =