ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 60ක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.

ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීම සදහා අත්‍යාවශ්‍ය වෙයි.

රුපියල් මිලියන 60 ක මුදලින් රුපියල් මිලියන 37.5 ක් සහනදායි ණය මුදලක් ලෙස ද රුපියල් මිලියන 12.5 ක් දිමනාවක් ලෙස ද ඉතිරි රුපියල් මිලියන 10 රජයේ අනුමැතිය යටතේ ද ලබාදෙයි.

මෙම ව්‍යාපෘතිය 2023 වසරේ නොවැම්බර් මස 30 දින අවසන් කිරිමට නියමිතය. ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව යන පළාත් ආවරණය කරයි.

එම ප්‍රදේශවල ජනතාවගේ සමාජීය, භූගෝලීය සහ ආර්ථීකමය කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් සෞඛ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගත හැකිය.

මෙම ව්‍යාපෘතිය ජනගත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද(01) පස්වරු 5.00 ට සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ව්‍යාපෘතියට අදාළ වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *