චීනයට, ප්‍රංශ ජනපතිගෙන් ඇගැයීමක්

(කොළඹ, ලංකාපුවත්) – චීනය ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළට ඉමහත් වැදගත්කමක් හිමි වන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි. ඒ ගෝලීය පාලනය පිළිබඳ චීන ප්‍රංශ සාකච්ඡාවේ අවසන් උළෙල අමතමිනි.

යුරෝපය සහ ආසියාව අතර සම්බන්ධතාව සහ හුවමාරුව පුළුල් කිරීම සඳහා නිර්මාණශීලිත්ව ආකාරයකින් යුරෝපා සංගමයේ සංවර්ධන උපායමාර්ගය සහ එම වැඩපිළිවෙළ එකට සම්බන්ධ කළ හැකි බව ඔහු මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

යුරෝපා පාර්ශ්වය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට එක් වීම පිළිබඳ ව සක්‍රීය ව සාකච්ඡා කළ යුතු බව ජර්මානු චාන්සලර්වරිය ප්‍රකාශ කළ අතර බැරෑරුම් ‍ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී විවිධ රටවල් ප්‍රායෝගික ලෙස ක්‍රියා කරමින් මානව වර්ගයාගේ අනාගතය තම පාලනයට ලක් කළ යුතු බව ෂී ජින්පිං මෙහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *