මොරොක්කෝවේ රජුගෙන් පාප් වහන්සේට උණූසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – මොරොක්කෝවට පැමිණි ෆ්රැන්සිස් පා‍ප් වහන්සේ එරට හය වැනි මොහොද් රජු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මුස්ලිම් රාජ්‍යයක් වන මොරොක්කෝවේ ආගමික සහජීවනයක් ඇති කිරීම පිණිස සංචාරය කරන්නැයි පාප් වහන්සේට ආරාධනා කරනු ලැබුවේ ද මොහොද් රජු විසිනි. 1985 දී දෙවැනි ජෝන් පෝල් පාප් වහන්සේ මොරොක්කෝවට පැමිණි අතර පාප් වහන්සේ කෙනකු එරටට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ.

එතුමාගේ පැමිණීම වෙනුවෙන් ගොඩනැගිලි පවා වර්ණ ගන්වා තිබූ රබාත් අගනුවර පාප් වහන්සේ ගමන් කරද්දී 15,000 කට අධික පිරිසක් එතුමා දැක බලා ගැනීමට මග දෙපස රැස්ව සිටි බව වාර්තා වේ.
මොරොක්කෝවේ ජනගහනය 34,803,500 ක් වන අතර කතෝලික බැතිමතුන් 35,000 ක් පමණ වන බව සඳහන් ය.

පාප් වහන්සේ මොරොක්කෝ රජු සමඟ රිය පෙරහරකින් රබාත් අගනුවර බලා පැමිණෙන අතර, උදව් ඉල්ලමින්පාප් වහන්සේ වෙත දිව ආ 17 හැවිරිදි දැරියක ආරක්ෂක විසින් වළක්වනු ලැබීය. පසුව වාර්තා වූයේ දැරියගේ මව්පියන් දැඩි ලෙස රෝගීව සිටින බවත් ඔවුන්ට පිහිටක් වෙන්නැයි ඉල්ලමින් දැරිය පාප්තුමන් හමුවීමට උත්සාහ කළ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *