විදේශිකයන් දෙදෙනෙක් මහනුවර වැව රවුමේ නොමනා ලෙස හැසිරෙයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශිකයන් පිරිසක් මහනුවර නගරයේදී උඩරට නිළමේ ඇදුම් ඇඳ ගනිමින් මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමේ එම ඇඳුම්වලට අවමන් වන ආකාරයෙන් සහ අශෝභන ලෙස හැසිරෙමින් වීඩියෝ ගත කරමින් සිටියදී ජනතාවගෙන් විරෝධයක් එල්ලවී තිබේ.

මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයමිපති හිංකෙන්ද ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ විරෝධය පළ කර ඇත.

පසුව මහනුවර පොලිසියේ නිලධාරින් පැමිණ මෙම විදේශීය පිරිසගේ ආරක්ෂාව සඳහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුළට රැගෙන ගොස් තිබේ.

මෙම විදේශීය පිරිස සමග පැමිණි ශ‍්‍රි ලංකා නියෝජිතවරියක වූ ඉරන්ති අබේසිංහටද මෙලෙස විරෝධය පළ කර ඇති අතර එහිදී පටිගත කරන ලද අවමන් දර්ශන මකා දමන ලෙස ඇයට පවසා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 15 =