විවාහයේ දී පැලයක් තෑගි දුන් යුවළ FB තැබූ සටහන

(කොළඹ, ලංකාපුවත්) – පරිසරයට ආදරය කිරීම වෙනුවෙන් අපූර්ව ආදර්ශයක් දුන් යුවළක් පිළිබඳව මේ දිනවල සාමජ මාධ්‍ය ඔස්සේ කතාබහකට ලක්ව තිබේ.

එනම් කසුන් ධනුද්ධර සහ කෞශල්‍යා මධුවන්ති නම් වන මෙම යුවල සිය විවාහ මංගල්‍යය දිනයේ දී ඊට සහභාගී වූවන් ට සිය ස්තූතිය පලකරමින් පලතුරු පැළයක් තෑගි කිරීමේ සිද්ධියයි.

මෙම යුවල බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. ඔවුන් බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයෙන් ශිල්ප ලබා අනතුරුව වයඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

මෙම යුවළ ඊයේ(02) දිනයේ දී ඔවුන් විසින් සිදු කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම්වල මෙලෙස සටහක් තබා තිබුණි.

Save Nature like your ❤
මේ දවස් වල පරිසරය ගැන හැමෝම කතා වෙනවා.ගස් කොලන් රැක ගන්න ගොඩක් දේවල් කරනවා.ඉතින් අපිත් ඒ දේ වෙනුවෙන් අපේ විවහා උත්සවයෙදි චූටි වෙනසක් කලා.
ආව හැමෝටම පලතුරු පැලයක් අපි දුන්නා wedding gift එකක් විදියට එයාලා යනකොට අරන් යන්න.
අපි හිතුවටත් වඩා ඒක trend එකක් විදියට ලංකාව පුරාම පැතිරිලා.අපි හැමෝම පරිසරය වෙනුවෙන් අලුත් විදියට හිතලා මේක වෙනස් කරමු.මේ පොළවට ඇත්තටම ආදරේනම් දැන්ම පටන් ගන්න.
කතාවට වඩා චූටි ක්‍රියාවකින් ලොකු වෙනසක් කරන්න පුලුවන්….
අපි
Kasun Dhanuddhara & Kaushalya Maduwanthi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *