හදිසි අනතුරුවලට වයිබර්, වට්ස්අප්- ඉමෝ සහය වෙන අලුත් වැඩක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම හදිසි ආපදා පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකය පානදුර මූලික රෝහලේ දී ඊයේ (02) විවෘත කෙරිණ.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසිනි.

යම් අනතුරක් සිදු වුවහොත් ඒ පිළිබද ඡායාරූප, වීඩියෝ Viber, WhatsApp සහ Imo මගින් 070 – 4000044 යන දුරකථනයට යොමු කිරීමෙන් රෝහල දැනුවත් කිරිමට හැකියාව ඇත. රෝගියා රෝහලට රැගෙන එනවිට කඩිනමින් ප්‍රතිකාර කිරිම සදහා රෝහල සුදානම් කර තිබීම මෙහි විශේෂත්වයවේ. තව ද අනතුර සිදු වූ ස්ථානයට කඩිනමින් ගිලන් රථ යැවීමේ හැකියාව ද පවතී.

මෙවැනි නවීන තාක්ෂණය භාවිතා කරමින් හදිසි ආපදා පෙර සුදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයන් ඉදිරියේ දී වෙනත් රෝහල් වෙත ද ස්ථාපනය කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 1 =