මතින් නිදහස් රටක් තැනීම වෙනුවෙන් ‘බක්මහ දිවුරුම‘ නුවරඑළියේ දී

(කොළඹ, ලංකාපුවත්) –මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිදු කරන ලද බක්මහ දිව්රුම වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය අද (03) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහි දී උදැසන ජාතික ගීය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගීය ගායනා කිරීමෙන් පසු රාජ්‍ය නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය පිටු දැකීම සම්බන්ධ බක්මහ දිව්රුම් ප්‍රතිඥාව ලබාදීම සිදු කරන ලදි..

නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර, සැළසුම් අධ්‍යක්ෂ චින්තක හෙට්ටිආර්ච්ච්, සහකාර කම්කරු කොමසාරිස් ඊ.එම්.පි. ඒකනායක, සමෘද්ධි අධ්‍යක්ෂක එම්.සි. කුළරත්න යන මහත්ම මහත්මින් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *