විෂ මත්ද්‍රව්‍ය ළග තබා ගන්නා හා භාවිතා කරන්නන්ට නීතිය තදින් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්, අළෙවි කරන්නන් මෙන් ම ඒවා ළග තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේ දී දැඩි නීති රීති ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිතුමා පවසයි.

මත්ද්‍රව්‍ය පාලනයට සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

විෂ මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඔවුන් සතුව පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කිරීම ඇතු`ථ රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් සිදුවන ක්‍රියාවලියේ දී සම්පත් හිඟවීම ඇතුළු කරුණු හේතුවෙන් ප්‍රායෝගික ප්‍රමාදයන් දක්නට ලැබෙන අතර ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර එම ප්‍රමාදයන් වළක්වා ගනිමින් වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනමි කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් නීතිපති දෙපාර්තමේන්තුව, රස පරික්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව එක් කර ගනිමින් අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අධිකරණ ඇමතිණ තලතා අතුකෝරල මහත්මිය වෙත උපදෙස් දුන්නේ ය.

එමෙන් ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් දැනට විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මඟින් සිදුකරන වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම සියලු ආයතන සමඟ සාකච්ඡාවක් කැඳවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවන් ඒකාබද්ධ පු`ථල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

සුරාබදු ආඥා පනත සංශෝධනයට අදාළ කටයුතුවල මේ වන විට ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර අදාළ සංශෝධන මුදල් අමාත්‍යාංශය මගින් කඩිනමින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.
එමෙන් ම විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතේ සංශෝධන පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳව මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර බූස්ස බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් බූස්ස බන්ධනාගාරය වෙත මාරුකිරීමේ වැඩපිළිවෙළට අදාළ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවත් ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.

මාර්ග අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ නවීන තාක්ෂණ ක්‍රමවේදයන් සමඟ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදුකරමින් පවතින වෙනස්කම් පිළිබඳව ද සමාලෝචනයට ලක් විය.

අධිකරණ ඇමති තලතා අතුකෝරල, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සහ අදාළ ආයතන ප්‍රධානින් ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතු`ථ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *