අරලියගහ මන්දිරය අසළ දී සෙබලෙක් වෙඩි තබාගනී

(කොළඹ, ලංකාපුවත්) – අරලිය ගහ මන්දිරය ආසන්නයේ මයිකල් වටරවුම අසළදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය ගිනි අවියකින් වෙඩි තබාගෙන දිවි හානිකරගෙන තිබේ.

මෙම සෙබලා අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙකු බව වාර්තා වේ.

31 හැවිරිදි අදාළ සෙබලා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙම සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − one =