ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –මේවන විට පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

අදාළ තත්ත්වය යටතේ මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජලය නොලැබෙන බව මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =