‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අනුරාධපුරයට යාපනයට

(කොළඹ, ලංකාපුවත්) – නව ව්‍යවසායකයන් 100,000ක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ දෙවැනි ප්‍රදර්ශනය අනුරාධපුර දිස්ත්‍රික්කය සහ තෙවැනි ප්‍රදර්ශනය යාපනය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ලබන මැයි සහ ජූලි මාසවලදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ පළමු ප්‍රදර්ශනය පසුගිය වසරේ මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වුණි.

එහි දෙවැනි සහ තෙවැනි ප්‍රදර්ශනය පෞද්ගලික අංශයේ අනුග්‍රහය යටතේ පැවැත්වීම සඳහා පෙරේදා (02) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *