ජාතික සමාජ සංවර්ධන ආයතනයට අධ්‍යක්ෂ ජනරාල්වරියක්

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ පවත්නා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එච්. ටී. ආර්. ෂාමිනි අත්තනායක මහත්මිය පත්කෙරේ.

විෂය භාර අමාත්‍ය දයා ගමගේ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව විශේෂවේදී උපාධිය සහ එම විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය, කැනඩාවේ කුවීන්ස් විශ්ව විද්‍යාලයේ සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීය උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇති අත්තනායක මහත්මිය කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යන අංශයේ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරයි.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ කථිකාචාර්ය, පර්යේෂණ සහ ප්‍රකාශන අංශයේ අධ්‍යක්ෂ, සමාජසේවා විද්‍යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද ඇය කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *